මේ project එකේ අරමුණ, open-source වලට අලුත් අයට, ඒ අයගේ පළමු දායකත්වය (contribution) ලබාදෙන එක සරල කරලා, ඒකට මග පෙන්වීමක් ලබා දෙන එකයි. ඔයත් ඔයාගේ පළමු contribution එක කරන්න බලාගෙන ඉන්නවා නම්, මේ පියවර අනුගමනය කරන්න.
Command line (terminal) එක භාවිතා කරලා මේ දේවල් කරන එක අමාරුයි වගේ නම්, GUI මෙවලම් පාවිච්චි කරන මේ tutorials බලන්න.
සටහන: ඔයාගේ computer එකේ git install කරලා නැත්නම්, මුලින්ම මේ link එකෙන් ගිහින් install කරගන්න.
මේ පිටුවේ උඩ දකුණු පැත්තේ තියෙන 'Fork' button එක click කරන්න. එතකොට මේ repository එකේ copy එකක් ඔයාගේ GitHub ගිණුමේ හැදෙයි.
දැන් ඔයා fork කරගත්ත repository එක ඔයාගේ computer එකට clone කරගන්න ඕන. ඒකට, ඔයාගේ GitHub ගිණුමට යන්න. Fork කරගත්ත repository එක open කරලා, 'Code' button එක click කරලා, එන URL එක copy කරගන්න.
දැන් ඔබේ පරිගණකට fork කරපු repository ය ක්ලෝන කරන්න. ඔබට ඔබගේ GitHub ගිණුමට ගොස් fork කරපු repository විවෘත කර code බොත්තම ක්ලික් කර,පසුව SSH ටැබය මත ක්ලික් කිරීමෙන් ලැබෙන url එක පසුරු පුවරුවට (clipboard) පිටපත් කිරීමෙන් මෙය කළ හැක.
දැන් ඔයාගේ computer එකේ terminal (command prompt) එක open කරලා, මේ git command එක run කරන්න:
git clone "ඔයා දැන් copy කරගත්තු url එක""ඔයා දැන් copy කරගත්තු url එක" කියන තැනට (කමාන්ඩ් එකේදී උඩු කොමා දාන්නේ නැතුව) ඔයාගේ forked repository එකේ URL එක දාන්න.
උදාහරණයක් විදියට:
git clone git@github.com:this-is-you/first-contributions.gitthis-is-you කියන තැනට ඔයාගේ GitHub username එක එන්න ඕන. මේ command එකෙන් කරන්නේ, first-contributions repository එකේ අන්තර්ගතය ඔයාගේ computer එකට copy කරන එකයි.
Terminal එකේ ඉඳන් ඔයා දැන් clone කරගත්ත repository එකේ folder එකට යන්න (ඔයා දැනටමත් ඒක ඇතුලේ නෙවෙයි නම්):
cd first-contributionsදැන්, ඔයාගේ වෙනස්කම් ටික කරන්න අලුත් branch එකක් හදන්න git switch command එක run කරන්න:
git switch -c ඔයාගේ-අලුත්-branch-එකේ-නමඋදාහරණයක් විදියට:
git switch -c add-kasun-pereragit switch භාවිතා කරන විට error එකක් ආවොත්, මෙතන click කරන්න:
"Git: switch is not a git command. See git –help" වගේ error පණිවිඩයක් ආවොත්, ඒකට හේතුව වෙන්න පුළුවන් ඔයා git වල පරණ version එකක් use කරන එක.
ඒ වගේ වෙලාවක, git switch වෙනුවට git checkout command එක use කරලා බලන්න:
git checkout -b your-new-branch-name(Branch එකේ නමට add- වගේ කෑල්ලක් එකතු කරන එක අනිවාර්ය නැහැ. ඒත්, අපි මේ branch එකෙන් කරන්නේ නමක් එකතු කරන එක නිසා, ඒ වගේ නමක් දාන එක හොඳ පුරුද්දක්.)
දැන් Contributors.md file එක ඔයා කැමති text editor එකකින් (උදා: VS Code, Notepad) open කරලා, ඔයාගේ නම ඒකට එකතු කරන්න. File එකේ මුලටම හරි අගටම හරි නම දාන්න එපා. මැද හරියට කොතනට හරි දාන්න. දැන් file එක save කරන්න.
ඔයා project folder එකේ terminal එකට ගිහින් git status කියලා type කලොත්, ඔයා කරපු වෙනස්කම් ටික පෙන්නයි.
ඒ වෙනස්කම් ටික ඔයා හදපු අලුත් branch එකට add කරන්න git add command එක run කරන්න:
git add Contributors.mdදැන්, git commit command එකෙන් මේ වෙනස්කම් ටික commit කරන්න:
git commit -m "Add your-name to Contributors list"your-name` කියන තැනට ඔයාගේ නම දාන්න.
ඔයා කරපු වෙනස්කම් ටික GitHub එකට push (upload) කරන්න git push command එක run කරන්න:
git push -u origin ඔයාගේ-branch-එකේ-නමඔයාගේ-branch-එකේ-නම` කියන තැනට ඔයා කලින් හදපු branch එකේ නම දාන්න.
ඔයාගේ GitHub ගිණුමේ තියෙන repository එකට ගියාම, ඔයාට 'Compare & pull request' කියලා button එකක් පෙනෙයි. ඒක click කරන්න.
දැන් ඔයාගේ pull request එක submit කරන්න.
ඉක්මනින්ම මම ඔයාගේ වෙනස්කම් ටික මේ project එකේ ප්‍රධාන (main) branch එකට merge කරන්නම්. ඒක merge කරාට පස්සේ ඔයාට notification email එකක් එයි.
සුභ පැතුම්! Open-source contributor කෙනෙක් විදියට ඔයා නිතරම භාවිතා කරන fork -> clone -> edit -> pull request කියන සම්පූර්ණ ක්‍රියාවලියම ඔයා දැන් සාර්ථකව අවසන් කරලා තියෙන්නේ!
ඔයාගේ මේ පළමු දායකත්වය සමරන්න, ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්න web app එකට යන්න.
තවත් පුහුණුවක් ලබන්න කැමති නම්, code contributions බලන්න.
දැන් ඔයාට වෙනත් projects වලටත් contribute කරන්න පටන්ගන්න උදව් කරමු. අපි ඔයාට පටන් ගන්නම ලේසි issues (ගැටළු) තියෙන projects ලැයිස්තුවක් හදලා තියෙනවා. Web app එකෙන් ඒ projects ලැයිස්තුව බලන්න.
| GitHub Desktop | Visual Studio 2017 | GitKraken | Visual Studio Code | Atlassian Sourcetree | IntelliJ IDEA |




